පිස්සෙකුගේ කවිය



කවුද එනව
මං ගාවට
ඔන්න මං ඇස් අරිනව
කෝ?
කවුරුවත් නෑනෙ..
ආයෙත් මං ඇස් වහනව
මෙන්න ඒ පාර
මාව ඉඹිනව
කවුද?
කෝ?
කවුරුවත් නෑනෙ..
උදේ ඉඳන් කවි ලියනව
ලියල ආයෙ විසි කරනව..
"පිස්සෙක්ට මොන කවිද?"
දොස්තර මහත්තය හරි..
පිස්සෙක්ට මොන කවිද?

No comments:

Post a Comment