කැත කතාව




දවසක් හැන්දෑවක
මුහුදක් අයිනෙ වෙරළක
කෙල්ලෙක් කොල්ලෙක් එක්ක
අහසක් දැක්ක එක පාටක..

හෝව්... පොඩ්ඩක් ඉන්ඩ...

ඒක හරි ආතල් කැත කතාවක්
"කෙල්ලෙක් කොල්ලෙක් එක්ක?"
" මුහුදක් අයිනෙ වෙරළක?"
අපේ ලංකාවෙ?

බොරු කියන්ඩ එපා...

අමතකද? අපිට තියනව
පිලිවෙතින් පෙලගැහෙන්ඩ?
බොරු කියන්ඩ එපා
ඔයා අපේ ලස්සන ලංකාව ගැන

අපිට තියනව අවුරුදු...

දෙදාස්පන්සීයක අමරණීය, රමණීය, මරණීය
අමුතු එකක්
ඒ හන්ද මේ ෂෝයි රටේ
නෑ කෙල්ලො කොල්ලොත් එක්ක මුහුද අයිනෙ

අපි හරිම...

නිදහස්
නිවහල්
වහල්
හිවල්
රටක්

අපේ..

ලංකවට ජය වේවා
අපේ සුපිරි තරුවට ජය වේවා

අපිට..

කන්ඩ නැතත් ක්‍රිකට් ස්ටේඩ්යම් සෑදේවා
බත් නැතත් ඩෙසට් එකට අයිස් ක්‍රීම් ලැබේවා

(කරුණාකර කපා ඇති වචන නොසලකන්න - සංස්කාරක )

1 comment:

  1. well, I would like to call them "hanamiti adahas".
    that's the tragedy Sri Lankan have.

    ReplyDelete