වයලීනය




එදා
ඔයා හරි ලස්සනට
නැටුව..
හිටිය
මං හරි ආසාවෙන්
නැටුමට..

අද
ඔයා සෙල් රුවක්
මගේ හිතේ..
වයලීනය
කියන්න
එදා මං වයපු
ස්වර?

ඔව්..
මට තේරෙනව..
උඹට මතකනෑ නේ?
ඒත් මං ඊයෙත් හෙව්ව
අදත් හොයනව
හෙට???

ආදරණීය ෂේක්ස්පියර්


මචං ෂේක්ස්,
මං මේ උඹේ කරට අත දාගෙන
මගේ පපුවෙ
මාරම මාර හෘදයාංගම තැනකින්
කතා කරන්නෙ..
ඇත්තටම කොල්ලෝ
මැක්බත් ලියනකොට
උඹට පොඩ්ඩක්වත් හිතුනෙ නැද්ද
ෆ්‍රොයිඩ් විසි වෙනි සියවසේදි
ලෝකෙට ගේන මනෝ විද්‍යාත්මක න්‍යාය
1606 දී ලෝකයට ගේනව කියල?
අනේමන්ද උඹටත් හිතෙන දේවල්..
ඒත් මට තියන ප්‍රශ්ණෙ තමයි
මෙච්චර...............
"ඉන්ද්‍රීය ප්‍රත්‍යක්ෂමය, වාස්තවික සත්‍යක්"
(පොඩි පොර ටෝක් එකක්)
ගැන හිතුන උඹ,
අපේ මිනිස්සුන්ට
නාට්‍යකාරයෙක් සහ කවියෙක් පමණක් වීම

පුදුමයි නේ?

කැත කතාව




දවසක් හැන්දෑවක
මුහුදක් අයිනෙ වෙරළක
කෙල්ලෙක් කොල්ලෙක් එක්ක
අහසක් දැක්ක එක පාටක..

හෝව්... පොඩ්ඩක් ඉන්ඩ...

ඒක හරි ආතල් කැත කතාවක්
"කෙල්ලෙක් කොල්ලෙක් එක්ක?"
" මුහුදක් අයිනෙ වෙරළක?"
අපේ ලංකාවෙ?

බොරු කියන්ඩ එපා...

අමතකද? අපිට තියනව
පිලිවෙතින් පෙලගැහෙන්ඩ?
බොරු කියන්ඩ එපා
ඔයා අපේ ලස්සන ලංකාව ගැන

අපිට තියනව අවුරුදු...

දෙදාස්පන්සීයක අමරණීය, රමණීය, මරණීය
අමුතු එකක්
ඒ හන්ද මේ ෂෝයි රටේ
නෑ කෙල්ලො කොල්ලොත් එක්ක මුහුද අයිනෙ

අපි හරිම...

නිදහස්
නිවහල්
වහල්
හිවල්
රටක්

අපේ..

ලංකවට ජය වේවා
අපේ සුපිරි තරුවට ජය වේවා

අපිට..

කන්ඩ නැතත් ක්‍රිකට් ස්ටේඩ්යම් සෑදේවා
බත් නැතත් ඩෙසට් එකට අයිස් ක්‍රීම් ලැබේවා

(කරුණාකර කපා ඇති වචන නොසලකන්න - සංස්කාරක )

පිස්සෙකුගේ කවිය



කවුද එනව
මං ගාවට
ඔන්න මං ඇස් අරිනව
කෝ?
කවුරුවත් නෑනෙ..
ආයෙත් මං ඇස් වහනව
මෙන්න ඒ පාර
මාව ඉඹිනව
කවුද?
කෝ?
කවුරුවත් නෑනෙ..
උදේ ඉඳන් කවි ලියනව
ලියල ආයෙ විසි කරනව..
"පිස්සෙක්ට මොන කවිද?"
දොස්තර මහත්තය හරි..
පිස්සෙක්ට මොන කවිද?

නිර්නාමික


                                              
මාව නොදන්න
මාව නොදකින
මාව නොතේරෙන
මටම..

මං කවුද
කියල තේරුම් කරන
මිනිස්සු ගැන මට
පුරාම දුකයි..

මං පිස්සෙක් වගේලු
රස්තියාදුකාරයෙක්ලු
අපිලිවෙලයිලු
අමුතුයිලු..

හරි පුදුමයි නේද
මං තාම හොයන
මං ගැන, මටම
ගොඩක් දේවල් එකපාරට ඇහෙනකොට..? 

නාකි රෝමියෝ




 ජුලියට් මේ අහපන්
මං නුඹේ රෝමියෝ
බොලඳ රෝමියෝ
නාකි රෝමියෝ..

බලපන් කෙල්ලේ
අරූ දිහා
කවුළුව ලග ඉන්න
කෙල්ල දිහා
උන්ට තේරෙන්නෑ
ආදරේ..
උන්ට තේරෙනවද?
මං දන්නෙ නෑ..

හිනැහෙන් කෙල්ලේ
ලස්සනට
දත් නැති නුඹේ කට මටම
පෙනෙන්න
මේකද ආදරේ?
මට තේරෙන්නෑ..
නුඹ දන්නවද
මං දන්නෑ.. 

අළු

 වර්ණ ගොඩක් උඩ ඉඳගෙන              
මං..
කලු සුදු හොයනකොට
නුඹේ..
කලු නපුරුයි
කියලා..
සුදු චාම්ය
කියලා..
අළු පාට මට දුන්නේ
නුඹයි..

හිරු කිරණේ තෙමි
තෙමී..
පොද වැස්සේ දැවි
දැවී..
ආදරෙන් හිටි කාලය
ඉවරයි..
ඇහැරෙන්නට කියලා
හීනෙන් මා..
අවදිකලේ
නුඹයි..

Have a nice day


හීනයක්
මටත්
ආදරේ

ආදරෙන් රවල බලන්නෑ
ඩිංගිත්තක් හිනා වෙන්නෙනෑ
ඒත් එයා ඔහේ ඉන්නවා
මමත් මෙහේ ඉන්නවා


නිරුවත් වෙනවෙට නුඹ ආස නෑ
ඒ හින්දා ඇදුම් ගන්නෙ නෑ
යනවා මං එලියට
Have a nice day sir
සිකී කියනවා