නාකි රෝමියෝ




 ජුලියට් මේ අහපන්
මං නුඹේ රෝමියෝ
බොලඳ රෝමියෝ
නාකි රෝමියෝ..

බලපන් කෙල්ලේ
අරූ දිහා
කවුළුව ලග ඉන්න
කෙල්ල දිහා
උන්ට තේරෙන්නෑ
ආදරේ..
උන්ට තේරෙනවද?
මං දන්නෙ නෑ..

හිනැහෙන් කෙල්ලේ
ලස්සනට
දත් නැති නුඹේ කට මටම
පෙනෙන්න
මේකද ආදරේ?
මට තේරෙන්නෑ..
නුඹ දන්නවද
මං දන්නෑ.. 

No comments:

Post a Comment