ආදරණීය ෂේක්ස්පියර්


මචං ෂේක්ස්,
මං මේ උඹේ කරට අත දාගෙන
මගේ පපුවෙ
මාරම මාර හෘදයාංගම තැනකින්
කතා කරන්නෙ..
ඇත්තටම කොල්ලෝ
මැක්බත් ලියනකොට
උඹට පොඩ්ඩක්වත් හිතුනෙ නැද්ද
ෆ්‍රොයිඩ් විසි වෙනි සියවසේදි
ලෝකෙට ගේන මනෝ විද්‍යාත්මක න්‍යාය
1606 දී ලෝකයට ගේනව කියල?
අනේමන්ද උඹටත් හිතෙන දේවල්..
ඒත් මට තියන ප්‍රශ්ණෙ තමයි
මෙච්චර...............
"ඉන්ද්‍රීය ප්‍රත්‍යක්ෂමය, වාස්තවික සත්‍යක්"
(පොඩි පොර ටෝක් එකක්)
ගැන හිතුන උඹ,
අපේ මිනිස්සුන්ට
නාට්‍යකාරයෙක් සහ කවියෙක් පමණක් වීම

පුදුමයි නේ?

No comments:

Post a Comment