නිර්නාමික


                                              
මාව නොදන්න
මාව නොදකින
මාව නොතේරෙන
මටම..

මං කවුද
කියල තේරුම් කරන
මිනිස්සු ගැන මට
පුරාම දුකයි..

මං පිස්සෙක් වගේලු
රස්තියාදුකාරයෙක්ලු
අපිලිවෙලයිලු
අමුතුයිලු..

හරි පුදුමයි නේද
මං තාම හොයන
මං ගැන, මටම
ගොඩක් දේවල් එකපාරට ඇහෙනකොට..? 

No comments:

Post a Comment