අමාරුව



මා යම් තැනක
යම් අයුරකින්
යම් කෙනෙකු අතින්
පාවිච්චි වී ඇත
වනු ඇත.
මෙය කියවන නුඹද
එසේමය.
නුඹ මා අතිනුත්
මා නුඹ අතිනුත්
මාරුවෙන් මාරුවට
පාවිච්චි වී ඇත.

පාවිච්චි නොවූ යම් අයෙක් වෙතොත්
ඒ තවමත් නොඉපදුනු කලලයක්
පමණි.

මට නැවත
නොඉපදුනු කලලයක් වී
හිටින්නට හැකි නම්,
යලි කිසිම දිනක අහස උඩ දිදුලන
හීලියම් ගුලිය දෙස
නොබලන්නට
මම අපේ අම්මාට පොරොන්දු
වෙමි...
මට නුඹත්
නුඹට මමත් අවැසි
වන්නේ එකම එක
අරමුණකට පමණි.

එනම්, ඉහත කී හීලියම් ගුලියෙන්
සිසිලස අයැද
පසුව දැනෙන රස්නය
තනිව උහුලා සිටින්නට
නොහැකි වූ විට

ඒ දැනෙන අපහසුව
බෙදා ගැනීමට පමණි.....

1 comment:

  1. Different side of the life we never think. I like this. Good saying.

    ReplyDelete